ශ්‍රී ලංගම වෙනුවෙන් ක්‍රියාත්මක වන sltbbus.blogspot.com අඩවිය හරහා සම්බන්ද වූ අප මිතුරු සමූහය විසින් අතීතයේ රැස් කල මෙන්ම වතමානයේ ඩිපෝවන් හා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය හරහා රැස් කරනරථඇණි තොරතුරු ඇසුරෙන් මෙම රථ ඇණිය සකසා ඇත.
1958 වසරේ ආරම්භවී ආයතනයේ කලින් කලට සිදුවූ පරිපාලනමය වෙනස්කම් නිසා මේ වන විට සම්පූර්ණ ලංගම රථ ඇණියක් ගොනු කිරීම ඉතා අපහසු කටයුත්තක් වී ඇත. එම අපහසු කටයුත්තට අත ගසමින් අප සමූහය සතුව තිබුණු සියළුම ඇණි තොරතුරු සම්පිණ්ඩනය කර මෙම අඩවියට යොමු කොට ඇත. 2005 වසරට පසු, එනම් NA- කාණ්ඩයේ සිට ලියාපදිංචි වූ බස් රථ වල සම්පූර්ණ රථ ඇණියක් මෙහි අන්තර් ගත අතර ඊට (2005 ට) පෙර ඇණිය තවදුරටත් යාවත්කාලීන වෙමින් පවතී.
අඩවියේ වර්ගීකරණය සිදු කර ඇත්තේ ලියාපදිංචි කාණ්ඩය අනුව වන අතර එක් එක් අංකයට ඉදිරියෙන් ඇති "Image" සබැඳිය ක්ලික් කිරීමෙන් රථයට අදාළ ඡායාරූපයක් ද "blog article" සබැඳිය ක්ලික් කිරීමෙන් රථයට අදාළ සවිස්තර බ්ලොග් ලිපියක් ද ලබාගත හැකි වන අයුරින් අඩවිය නිර්මාණය කිරීම අපගේ අරමුණයි.
පුද්ගලික හෝ වෘත්තීයමය අවශ්‍යතාවක් වෙනුවෙන් ඕනෑම ලංගම බස් රථයක තොරතුරු පහසුවෙන් ලබාගත හැකි වන පරිදි අඩවිය නිමාණය කිරීම අපගේ අවසන් අරමුණයි. එම අරමුණ සඵල කර ගැනීම සඳහා සියළු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.
අවසන් යාවත්කාලිනය :- 31.12.2023
අපි,
ප්‍රීමාල් මධුසංක
උත්පල දිල්හාන්
තිලංක වැලිගම
සිසිර කුමාර
අජිත් පෙරේරා
ඉෂාර චතුරංග
කවිස්සර සංජීව
රනිල් සෙනවිරත්න
රොෂාන් කුරේ
විශේෂ සතූතිය:
ශ්‍රී ලංගම හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී තුමා (කාර්මික) ජී. කේ ආරියරත්න මහතා
රංග රාජපක්ෂ මහතා (ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය)
රංග රාජපක්ෂ මහතා (ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය)
නිරෝෂන් සංජීව පෙරේරා මහතා (ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය)
අතුල චූලාභය මහතා
අතුල චූලාභය මහතා
සුදත් ශ්‍රී ලිවේරා මහතා
ප්‍රසන්න බී. රත්නායක මහතා
ප්‍රසන්න බී. රත්නායක මහතා
ශාලිංක ජයසිංහ මහතා
පොල් බැස්ටන් මහතා (Paul Batson)
පොල් බැස්ටන් මහතා (Paul Batson)
සෙනවිරත්න බණ්ඩාර මහතා
ඉන්දික සුජීව මහතා
ප්‍රේම් පෙරේරා මහතා
සම්පත් සමරසිංහ මහතා
රෝහිත මායාදුන්නේ මහතා
ඩිපෝ වල බස් ඇනිය පිලිබදව වෙනම දැම්මනම් වටිනවා
ReplyDelete60-3113 is a හොරණ depot bus
ReplyDeleteNA 1359 දැන්. තියෙන්නේ මහියංගනය ඩිපෝවෙ.... මං හිතන්නේ මුල් බෙදා දීම පිළිබඳයි මෙහි අන්තර්ගත
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete29ශ්‍රී537 KS මහනුවර දකුණ
ReplyDelete30ශ්‍රී9161 WG වත්තේගම
මේකට පොටෝ එවන්නෙ කොහොමද
ReplyDeletephotos tiyenawanam mekata mail karanna primalmadusanka@yahoo.com
Delete